සටහන – නිශ්මං රණසිංහ
මැයි 02 , කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ඔලිමිපික් සුදුසුකම් ලබා ගැනීමට ආසන්නයේ සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සුුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා ගැනීම සඳහා හෙට (මැයි 3) ආරම්භ වෙන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවත්වෙන ග්‍රෝන්ප්‍රී තරගාවලියට සහභාගි වෙනවා.මෙහි ඇති ප්‍රධාන ඡායාරූපයේම ඔවුන් සහභාගි වන තරග ඉසව් සහ එම ඉසව් පැවත්වෙන වේලාවල් ද දක්වා තිබෙනවා.
යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්ව සඳහාද,නදීශා රත්නායක මීටර් 400 ඉසව්ව සඳහා සහභාගි වීමට නියමිත අතර තරුශි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න මීටර් 800 ඉසව්ව නියෝජනය කරන්නට නියමිතයි.
මොවුන් මෙමම ඉසව්වලදී දක්වන දක්ෂතා මත තමන් රැස් කර ඇති ලකුණුවලට එකතුවන ලකුණු ප්‍රමාණය හරහා මෙන්ම සෘජුව සුදුසුකම් ලැබීම සඳහා පෙන්විය යුතු දක්ෂතාවය හරහා ද ඔලිමිපික් සුදුසුකම් ලබා ගැනීමට ප්‍රවේශවීමේ අවස්ථාව තිබෙනවා.
ඉසව්වේදී ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ඉසව්වට සිය දක්ෂතාවය මත ලබන ලකුණු මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මෙම තරගාවලියේ ස්ථානයට ලැබෙන ලකුණුත් එක් කරල එන ලකුණු ප්‍රමාණය ඇය හෝ ඔහු මේ වන විට තරගාවලිවලදී ලබා ඇති ලකුණු එකතුව එම තරගාවලි ප්‍රමාණයෙන් බෙදා එන සාමාන්‍ය තමයි සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු සටහනට එකතු වන්නේ.
එසේම මේ සමඟ දැක්වෙන ඡායාරූප සටහනේ සෘජුව ඔලිමිපික් සුදුසුකම් ලැබීමට හැකි වීමට සැපිරිය යුතු සුදුසුකම් ද දක්වා තිබෙනවා.බොහෝ විට මේ වන විට යුපුන් අබේකෝන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය පමණයි මේ සීමාවට වඩා හොඳින් තිබෙන්නේ.එහෙත් ඔහු මෙවර තරගාවලියට සුදුසුකම් ලැබීමටනම් ඔහුගේ ඉසව්වේ දක්වා තිබෙන සුදුසුකම් ලැබීමේ කාලය වන තත්පර 10.00 සම්පූර්ණ කළ යුතු වෙනවා.
බහමාස් තරගාවලිය සම්බන්ධයෙන් බලධාරීන් නොසැළකිල්ලෙන් කටයුතු කිරිම නිසා මේ වන විට එම තරගාවලිය අහිමිව තිබෙනවා.ඒ නිසා පිරිමි මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල මඟ හැරෙන්නට තිබෙන ඉඩ ගැන තැබිය හැකි විශ්වාසය අඩු වී තිබෙනවා.මේ තත්ත්වය මුලදී දැන සිටියේනම් සමහර විට මෙම ග්‍රොන් ප්‍රී තරගයේ දී කාලිංග කුමාරට සහ අරුණ දර්ශණටත් අවස්ථාවක් දීම සළකා බලන්නට තිබුණා.ඒ ඔවුන්ගේ පෞද්ගලික මීටර් 400 ඉසව්වේ දක්ෂතා සඳහායි.එම ඉසව්වේ ලෝක මට්ටමේ මුල් සියය අතර මේ ක්‍රිඩකයින් දෙදෙනාම පසුවෙනවා.


