දළ නිල සංචිත ප්‍රමාණයේ වැඩිවීමක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW): අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා, මෙරට දළ නිල සංචිත ප්‍රමාණය වැඩි වී තිබෙන බවත්, මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම හේතු වී තිබෙන බව සඳහන් වේ.

මෙම නිල සංචිත සඳහා චීන මහ බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වන අතර, මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව එය සියයට 9.8ක ඉහළ යාමක් බව වාර්තා වන අතර, කාර්මික භාණ්ඩ අපනයනය ඉහළ යාම අපනයන ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බවද පැවසේ.

වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ද පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ දී ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. මේ වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයුම් ද ඉහළ ගොස් ඇති අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද මාර්තු මාසයේ දි අමෙරිකානු ඩොලර් මිලියන 572 දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, මේ වන විට රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින අතර අප්‍රේල් මස 30 වන දින දක්වා කාලය තුළ දී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 9.1කින් අතිප්‍රමාණය වී ඇති බවයි. ඊට සමගාමීව යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...