විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා දැමේ!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW):මේ වන විට රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධායක නිලදාරීන්ගේ සංගමය සහ මුදල් අමාත්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වන අතර, දෙදින විරෝධයට සමගාමීව අද පෙරවරුවේ එම සංගමය පැවැත්වූ විරෝධය හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා දැමීමට පොලිසිය ට සිදු වුණ බව වාර්තා වේ.