දේශබන්දු ආරක්ෂාව ඉල්ලලා!

Date:

කොළඹ LNW:ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මේ වන විට රාජකාරී අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවී තිබුණු අතර ඒ අනුව තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති හෙයින් පවතින ජීවිතයට තර්ජන නිසා සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙසයි තෙන්නකෝන් මහතා ඉල්ලා ඇත්තේ.

මාතර මහේස්ත්‍රාත් අධිඅක්රණය මඟින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතා දින 20ක පමණ කාලයක් අධිකරණයට ඉදිරිපත් නොවී සැඟවී සිටීම නිසා ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් මේ වන විට ඔහු විසින් ඉල්ලා ඇති ඉල්ලීමට අනුව ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමෙන් අනතුරුව අදාළ ආරක්ෂාව ලබා දෙනු ඇති බවද වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...