වාහන ආනයනය සීමා කිහිපයක් ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් වෙයි!

Date:

කොළඹ LNW:වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් සංශෝධනය කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අප්‍රේල් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආනයනය කර, නිෂ්කාශනය කිරීමට නොහැකි වී වරායේ තිබුණු මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකි වන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇත.

දැනට මාස එකහමාරක දෙකක පමණ කාලයක් නිෂ්කාශනය කර ගැනීමට නොහැකිවී තිබූ Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ සහ එම තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහන මෙම නව ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග නිෂ්කාශනය කර ගැනීමට අවස්ථාව ලැබී තිබේ.

එමෙන්ම ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...