හෙරොයින් ජාවාරමේ නියුතු පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙක් කුඩුත් එක්කම මාට්ටු !

Date:

කටුනායක – සීදුව නගරසභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. ඔහු කලක් කටුනායක – සීදූව නගරසභාවේ උප නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇති බව සඳහන්. ඔහු සන්තකයේ තිබී හමුවී ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 250 කි.

බඩල්ගම පොලීසිය විසින් මීගමුව ප්‍රදේශයේදී හෙරොයින් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ලැබුණු තොරතුරු මත සිදුකළ වැටළීමකදී මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව ඊයේ (02) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන්.

මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයා දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...