කොල්ලුපිටියේ කෝටියක අල්ලස් ගැනීම : පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට !

0
420

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් කොල්ලුපිටියේ නිවසක් පරීක්ෂා කර එහි තිබුණු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 3500ක් කොල්ලකෑමේ සහ රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි. ඔහුව කුරුණෑගල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN