කොල්ලුපිටියේ කෝටියක අල්ලස් ගැනීම : පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් කොල්ලුපිටියේ නිවසක් පරීක්ෂා කර එහි තිබුණු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 3500ක් කොල්ලකෑමේ සහ රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි. ඔහුව කුරුණෑගල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...