“Battle of Brotherhood” උතුර දකුණ යා කළ අපූරු සුසංයෝගය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 03, කොළඹ (LNW): පසුගිය දා රුහුණු සරසවි තුළ අපූරු කර්තව්‍යයක් සිදුවිය. ඒ උතුර දකුණ යා වූ රුහුණු විශ්ව විද්‍යාලය University of Ruhuna, Sri Lanka සහ යාපනය විශ්ව විද්‍යාලය University of Jaffna අතර පැවැති පළමු සුහද වාර්ෂික ක්‍රිකට් තරගයයි.

එහි ආරාධිතයකු ලෙස සහභාගි වූ ඩලස් අලහප්පෙරුම මහතා එම අපූරු සිදුවීම පිළිබඳව ඔහුගේ මනසේ ඇදි අව්‍යාජ සිතුවිල්ල වචනයට නගා තිබුණේ මෙලෙසිනි.


” ගෙවී ගිය මාසය තුළ මා සහභාගි වූ අතිශයින්ම ගෞරවනීය මෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර අවස්ථාවකි, රුහුණු විශ්ව විද්‍යාලය University of Ruhuna, Sri Lanka සහ යාපනය විශ්ව විද්‍යාලය University of Jaffna අතර පැවැති පළමු සුහද වාර්ෂික ක්‍රිකට් තරගය. එය, ඔවුන් විසින් “Battle of Brotherhood” ලෙසින් නම් කොට තිබුණි.

මුඛ්‍ය කරුණ ක්‍රිකට් වුවද කිසිසේත්ම එය ක්‍රිකට් ක්‍රීඩාවට සීමාවූවක් නොව උතුර සහ දකුණ අතර මිත්‍රත්වය, සහෝදරත්වය සහ ඥාතීත්වය බෙදා හදා ගත් අපූරු සංස්කෘතික මංගල්‍යයක්ම විය. එය, මා මනසේ චිත්‍රණය වූයේ යාල් දේවිය සහ රුහුණු කුමාරිය අසීමිත සෙනෙහසින් වැළඳ ගත් අවස්ථාවක් ලෙසිනි.

මෙහි සංකල්ප නියමුවන් වූ රුහුණේ උප කුලපති, මහාචාර්ය, සුජීව අමරසේනයන්, නියෝජ්‍ය උපකුලපති, මහාචාර්ය සමන් එදිරිවීර සහ යාපනයේ උපකුලපති, මහාචාර්ය ශ්‍රී සද්කුණරාජා ප්‍රමුඛ මෙම අනාගත මානව ආයෝජනය වෙනුවෙන් ඇප වූ සහ කැප වූ දෙපාර්ශ්වයේ සියළුම දෙනා නීරෝගී ශ්‍රී ලංකාවක් ප්‍රාර්ථනා කරන සියළු පුරවැසියන්ගේ ගෞරව බුහුමානයට පාත්‍ර විය යුතුය. විශේෂයෙන්, විශ්වවිද්‍යාල ද්වයෙහි දූ පුතුන් සහ ඇදුරු මඩුළු, මේ උතුම් අරමුණ වෙනුවෙන් කළ කැපවීමට සදාතනික අගයක් හිමිවනවා නොඅනු මානය.

එමෙන්ම, මෙම විශිෂ්ට පියවර වෙනුවෙන් සත්කාරකත්වය දැරූ හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් Shri Harvinder Singh – ප්‍රමුඛ මහා කොමසාරිස් කාර්යාලය ද, – India in Sri Lanka (Consulate General of India, Hambantota), Lyca’s Gnanam Foundation ආයතනයද අපේ පැසසුම හිමි කර ගනී.

මෙලෙස, මාතොට මවුපොළොව මත රනින් සටහන් වූ ඓතිහාසික පරිච්ඡේදයක ඇසින් දුටු සාක්ෂිකරුවකු වන මෙන් මා වෙත කළ ආරාධනාවට, කෘතවේදිත්වය පුද කරමි.

වර්ග සැතපුම් 25000 ක් වූ පුංචි දූපතක, වසර දහස් ගණනක් තිස්සේ විටින් විට ඉකි බිඳින සිහළ දමිළ සහෝදරත්වය සිනහවෙන් පිරුණු සදා දිදුලන පරිච්ඡේදයක් ලෙස අප මව්බිම වංශ කථාවේ සටහන් වේවා! යි ප්‍රාර්ථනා කරමින් ඉන්දියන් සයුර මත හිරු සැඟවෙන හෝරාවේ මම රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් සමුගතිමි.

ඩලස් අලහප්පෙරුම

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...