‘ෂාට දෙවියන්ගේ ත්‍යාගයක් ඇත. චානක්‍යාට වඩා මොළය තියුණුය’ – මොදිගේ ජයග්‍රහණ පිටුපස සිටින උපායමාර්ගික දැවැන්තයා – අමිත් ෂා

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ ජයග්‍රහණ පිටුපස සිටින උපායමාර්ගික දැවැන්තයා මෙන්ම මොදිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) අසාමාන්‍ය නැඟීමේ මහ මොළකරුට අමිත් ෂා මේ වන විට කතාබහට ලක්වන චරිතයක් වී තිබේ.

මෝදි මහතාගේ සමීපතම විශ්වාසවන්තයා ලෙස සැලකෙන අමිත් ෂා මොදිගේ පැරණි මිතුරකු වන අතර බොහෝ විට ඉන්දියාවේ දේශපාලනයේ තිරය පිටුපස සිටින දෙවන බලවත්ම පුද්ගලයා ලෙස හැඳින්වේ.

දැඩි හින්දු මතධාරියකු වන අමිත් ෂා භාරතීය ජනතා පක්ෂයට මැතිවරණ ජයග්‍රහණ රැසක් ලබා දී ඇති බව කියැවේ. ඔහු භාරතීය ජනතා පක්ෂයේ සුක්කානම ලෙස සැලකෙනා අතර ඔහු මුලින්ම වසර ගනනාවක් තිස්සේ භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය කිරීම තීරණාත්මක ප්‍රාන්තයේ උත්තර් ප්‍රදේශ්හි මැතිවරණයට පැමිණි අතර 2014 මහ මැතිවරණයේදී පක්ෂය එහි ආසන 80න් 71ක් පෙර නොවූ විරූ ලෙස දිනා ගත්තේය. එතැන් සිටම ඔහු පක්ෂය තුළ වඩාත් කතාබහට ලක්වන චරිතයක් වූ අතර 1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා වෙන් බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ,

හින්දු ඇදහිල්ලේ ශ්‍රේෂ්ඨ ආරක්ෂකයා ලෙස සැලකෙන අමිත් ෂා කාශ්මීරයේ අර්ධ ස්වයං පාලනයක් ඉවත් කිරීම සහ මුස්ලිම්වරුන්ට ගැඹුරින් වෙනස් කොට සැලකීමක් ලෙස විස්තර කර ඇති නව පුරවැසි නීතියක් ඇතුළුව ඉන්දියාවේ වඩාත්ම මතභේදාත්මක නීති සම්පාදනය පිටුපස ඇති උපායමාර්ගික හස්තයි.

බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ ෂාට දෙවියන්ගේ ත්‍යාගයක් ඇති බවත් චානක්‍යාට වඩා මොළය තියුණු බවත්ය.

ඔහු තිරය පිටුපස වැඩ කරමින් ඔහුගේ පදනම ගොඩනඟා ගත්තේය, මිතුරන් සහ අනුගාමිකයින් දිනා ගනිමින් මැතිවරණවලදී ප්‍රතිවාදීන් සහ විරුද්ධවාදීන් පරාජය කළේය. වසර ගණනාවක් පුරා ඔහු නරේන්ද්‍ර මෝදිගේ දකුණු අත ලෙස ස්ථාපිත වී අතර මොදිගෙන් අනතුරුව මීළඟ අගමැති අපේක්ෂකයා ෂා වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කෙරෙන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...