අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරයට නිමල් සිරිපාල ….

Date:

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් හා බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ (02) පැවති සාකච්ඡාවේදී එළඹුණු එකඟතාවන් අනුව අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.

“ජාතික එකඟතා ආණ්ඩුවක්” පිහිටුවීම සඳහා එම දෙපාර්ශ්වයම එහිදී එකඟතාවකට පැමිණ තිබුණු අතර අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන මහින්ද රාජපක්ෂ මහතාට ගරු කිරීමක් වශයෙන් තම පක්ෂය අග්‍රාමාත්‍ය ධුරය සඳහා කිසිවෙකු ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කර තිබේ.

මෙතෙක් අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වුණු ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ද එහිදී සඳහන්ව නොමැති අතර යෝජනා වශයෙන් ඉදිරිපත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමත් පමණක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම අන්තර්කාලීන ආණ්ඩුව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු එකතු වීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම පිළිබඳව ඔවුන්ගේ විරෝධයක් පවතින බවත් එහිදී සාකච්ඡාවට භාජනය වී තිබේ.

ඒ අනුව බොහෝදුරට නිමල් සිරිපාල ද සිල්වා මහතාට ම අග්‍රාමාත්‍ය ධුරය හිමිවනු ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම අන්තර්කාලීන ආණ්ඩුවේ පළමු පියවර වශයෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීමට පියවර ගැනීමට ද දෙපාර්ශ්වය එකඟ වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම නව ආණ්ඩුවෙහි ඇමති ධුර භාරගන්නේද යන්න සම්බන්ධයෙන් සිය ස්ථාවරය පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එහිදී පවසා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...