*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අන්තර්වාර ආණ්ඩුවට සජිත්ව එකතු කිරීමට ඕමල්පේ සෝභිත හිමි දැඩි උත්සාහයක …

රටේ පවතින දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්කර සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට එකඟවන ලෙස ඕමල්පේ සෝභිත හිමි පසුගිය දින ගණනාවක් පුරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි බලපෑමක් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඕමල්පේ සෝභිත හිමි අවස්ථා ගණනාවකදී දුරකථනයෙන් අමතමින් මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට බලපෑම් කර ඇති නමුත් ඒ මහතා ඒ සෑම අවස්ථාවක්දීම එවන් ආණ්ඩුවක් පිහිටුවීමට එක්වීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

මෙම “සර්ව පාක්ෂික” ආණ්ඩුව පිහිටුවීම සඳහා දැනට ඉදිරිපත්ව සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින්ම 2020 මහමැතිවරණයට තරගවැදී, මීට මාසයකට පෙර මෙම අර්බුදය පුපුරා යන තෙක්ම එම ආණ්ඩුවේ රැඳී සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනාදී ආණ්ඩුවටම අයත් කුඩා පක්ෂ 11 පමණි.

විශේෂයෙන්ම ජනතාව වීදි බැස ඇත්තේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් නිසා වත්මන් ජනාධිපතිවරයා යටතේ කවුරුන් කවරාකාරයේ ආණ්ඩුවක් පිහිටුවූවත් ඊට ජනතාවගේ ආශිර්වාදය නොලැබෙන බව පෙන්වා දී ඇති විපක්ෂ නායකවරයා වත්මන් ආර්ථික අර්බුදය වගකිවයුතු, දූෂිත චරිත රැසක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් හිමි පාර්ලිමේන්තුවක් තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවත් එය හුදෙක් කාලය නාස්ති කිරීමක් පමණක්ම වන බවත් පෙන්වා දී ඇති බවත් වාර්තා විය.

එසේම ඉහත කී පොහොට්ටුවේම කුඩා පක්ෂවල දැඩි ස්ථාවරය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට ඉඩදිය නොහැකිය යන්න ය. ඒ අනුව ඔවුන් විසින්ම කරළියට ගෙනෙන ලද මෙම සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව රට තුළ පවතින ගෝඨාභය විරෝධය සමනය කර එය වෙනතකට යොමුකිරීමේ අරමුණින්ම නිර්මාණය කෙරුණක් බවට ද ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබේ.

කෙසේවෙතත් ඕමල්පේ සෝභිත හිමි මහානායක හිමිවරුන් සමග ද සම්බන්ධීකරණය කරමින් මෙම අන්තර්වාර පාලනය නිර්මාණය කිරීම සඳහා තවදුරටත් දැඩි උත්සාහයක නියැළී සිටී.

ඕමල්පේ සෝභිත හිමියන් යනු කලක් පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික හෙළ උරුමය පක්ෂයෙන් මහමැතිවරණයට තරගකර පාර්ලිමේන්තුවට ද තේරී පත්වූ භික්ෂූන් වහන්සේ නමක් වන අතර එම දේශපාලන පක්ෂය සමග කලක් තිස්සේ දේශපාලන කටයුතුවල නිරත වූ භික්ෂූන් වහන්සේ නමක් ද වෙයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan