COVID-19: ”බියකරුම ප්‍රභේදයක් ඉදිරියට”- බිල් ගේට්ස් අනතුරු අඟවයි

0
1328

වඩාත් පැතිරෙනසුලු සහ වඩාත් මාරක ප්‍රතිඵල ගෙන දෙන තවත් කෝරෝනා වෛරස් ප්‍රභේදයක් අනාගතයේදී පැමිණීමට නියමිත බව බිල් ගේට්ස් පවසයි.”අප තවමත් මේ වසංගතයේ නරකම අවධිය දුටුවේ නැහැ” යැයි මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ සහ මානව හිතවාදී බිල් ගේට්ස් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

මෙසේ වීමට ඇති අවදානම 5%කට වඩා වැඩි නොවීමට ඉඩ තිබේ. නමුත් එම 5% හි ප්‍රතිශතය පිළිබඳ අප අවතක්සේරු නොකළ යුතු බව ද බිල් ගේට්ස් තවදුරටත් කීය.

”මීළඟ වසංගතය වළක්වා ගත හැක්කේ කෙසේද?” (How to Prevent the Next Pandemic) යනුවෙන් බිල් ගේට්ස් පොතක් ද රචනා කර තිබේ. තවද අන්තර්ජාතික වෛරස් විශේෂඥයන් යනාදී කණ්ඩායම් සමග වැඩ කරමින් මෙම ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය අඩු කිරීමට විශාල මෙහෙයක් කළ අයෙකු ලෙස ද බිල් ගේට්ස් ප්‍රකට ය.

බිල් ගේට්ස් මෙවැනි ගෝලීය වසංගතයක් පිළිබඳ මුල් වරට අනතුරු අඟවා තිබුණේ මෙයට වසර කිහිපයකට පෙර ය. 2015 වසරේ TED Talk වැඩසටහනකට එක් වෙමින් බිල් ගේට්ස් ‘සුපිරි වෛරසයක්’ පිළිබඳ අනතුරු අඟවා තිබිණි.

පහත දැක්වෙන්නේ එම වැඩසටහනයි.

ප්‍රධාන ඡායාරූපය

Image: Bill Gates says the WHO should manage a new global epidemic response team. Pic: AP

OUTBOUNDTODAY AMALI JAYAWEERA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here