ඊශ්‍රායලයේ ලැවුගිනි ඇවිලේ; හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ ජෙරුසලම අතර ප්‍රධාන මාර්ගය ගිනිගෙන වැසී යාමත් සමඟ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

මේ වන විට ගින්න හේතුවෙන් අක්කර 5,000 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති අතර ගිනි නිවන භටයින් භූමියෙන් සහ ගුවනින් ගින්න නිවීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර පවතින තද සුළං සහිත වියලි කාලගුණය ගින්න මැඩපැවැත්වීමට විශාල බාධාවක් වී ඇත.

නැවත දැනුම් දෙන තුරු ජාතික වනෝද්‍යාන සහ වනාන්තරවලින් ඉවත්ව සිටින ලෙස මහජනතාවට උපදෙස් ලබා දී ඇති අතර මැගන් ඩේවිඩ් ඇඩොම් (MDA) හදිසි ඒජන්සියට අනුව, පිළිස්සුම් තුවාල සහ දුම් ආශ්වාසය ඇතුළු පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ වන විට ග්‍රීසිය, සයිප්‍රසය සහ ඉතාලියෙන් ජාත්‍යන්තර ආධාර ලැබී ඇති අතර තවත් රටවල් විශාල ප්‍රමානයක් ඉදිරියේදී සහය දක්වනු ඇති බව විශ්වාස කෙරේ,

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ගිනි තැබීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 18 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රසන්න ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න...

ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක අකර...

CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල්...