ඊශ්‍රායලයේ ලැවුගිනි ඇවිලේ; හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ ජෙරුසලම අතර ප්‍රධාන මාර්ගය ගිනිගෙන වැසී යාමත් සමඟ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

මේ වන විට ගින්න හේතුවෙන් අක්කර 5,000 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති අතර ගිනි නිවන භටයින් භූමියෙන් සහ ගුවනින් ගින්න නිවීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර පවතින තද සුළං සහිත වියලි කාලගුණය ගින්න මැඩපැවැත්වීමට විශාල බාධාවක් වී ඇත.

නැවත දැනුම් දෙන තුරු ජාතික වනෝද්‍යාන සහ වනාන්තරවලින් ඉවත්ව සිටින ලෙස මහජනතාවට උපදෙස් ලබා දී ඇති අතර මැගන් ඩේවිඩ් ඇඩොම් (MDA) හදිසි ඒජන්සියට අනුව, පිළිස්සුම් තුවාල සහ දුම් ආශ්වාසය ඇතුළු පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ වන විට ග්‍රීසිය, සයිප්‍රසය සහ ඉතාලියෙන් ජාත්‍යන්තර ආධාර ලැබී ඇති අතර තවත් රටවල් විශාල ප්‍රමානයක් ඉදිරියේදී සහය දක්වනු ඇති බව විශ්වාස කෙරේ,

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ගිනි තැබීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 18 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව