ඡන්ද අපේක්‍ෂකයින්ගේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වැඩි වෙලා:පැය 24ක් ඇතුළත 05ක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක

අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ, මැතිවරණ නීති උල්ලංඝණය කළ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් 05 දෙනෙකු සහ ආධාරකරුවන් 22කු ඒ අතර වන බවයි. ඉකුත් පැය 24 තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 08ක් ලැබී ඇති බවද පොලීසිය පැවසීය. 

මේ අතර පසුගිය මාර්තු මස 03 වනදා සිට අද උදෑසන 06 දක්වා ගතවූ මාස දෙකක කාලසීමාව තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපරාධමය පැමිණිලි 109ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 415ක් පොලීසිය වෙත ලැබී තිබෙන බව පැවසේ. 

එම කාලසීමාව තුළ අපේක්‍ෂකයින් 43 දෙනෙකු සහ ආධාරකරුවන් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 41ක් බවද වාර්තා වේ.

   
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...