පළාත් පාලන මැතිවරණයේ සියලු කටයුතු සූදානම්!

Date:

කොළඹ LNW:2025 පළාත් පාලන මැතිවරණයට අදාලව මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ව සංවිධාන කටයුතු සියල්ල සම්පාදනය කොට ඇතැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කොට ඇති බවත් මැතිවරණයට පෙර දින ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන බව ඒ මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ක් සඳහා සභිකයන් 637 දෙනෙකු පත් කර ගැනීම මේ යටතේ සිදුවේ. මහ නගර සභා 01ක්, නගර සභා
04ක් සහ ප්‍රාදේශීය සභා 17ක් සඳහා සභිකයන් පත් කර ගැනිම මේ යටතේසිදුවේ.

ලියාපදිංචි ඡන්ද දායකයන් දොළොස් ලක්ෂ දෙදහස් පන්සිය පනස් අට දෙනෙකු (1202 558) මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 937ක් ක්‍රියාත්මක වන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය 368කි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කොට ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය සහ ප්‍රතිඵල කමිටුව ක්‍රියාත්මක වන අතර මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සහ මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විදුහල ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ ස්ථාන වශයෙන් ක්‍රියාත්මකය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...