පාකිස්ථානයේ ණය ගිවිසුම් නැවත ඇගයීමට ලක් කරන ලෙස ඉන්දියාව IMF එකෙන් ඉල්ලයි!

Date:

රෂිකා හෙන්නායක

ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, පාකිස්ථානයට ලබා දෙන ණය සහ ප්‍රදාන, සමාලෝචනය කරන ලෙසයි.

ඒ, කාශ්මීරයේ පහල්ගම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර උත්සන්න වෙමින් පවතින නොසන්සුන් වාතාවරණය මධ්‍යයේයි. 

ඉන්දියාව පවසා ඇත්තේ, පකිස්ථානයට මුදල් ලබා දීම තුළින් ත්‍රස්තවාදය පෝෂණය වන බවයි. මේ අතර පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වෙත ඉන්දියාවේදී ප්‍රවේශ වීමද අවහිර කර තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, බාබර් අසාම්, මෙහොමඩ් රිස්වාන් වැනි වර්තමාන පකිස්ථාන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් මෙන්ම වසීම් අක්‍රම් සහ ඉම්රාන් ඛාන් වැනි ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වලට ප්‍රවේශවීම එලෙස අත්හිටුවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...