කොළඹ LNW:මේ වන විට පවතින තත්ත්වය අනුව විදුලි බිල 30%කින් අඩු කිරීමේ හැකියාවක් පවතින හෙයින් එම සහනය ජනතාවට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීන් දයාසිරි ජයසේකර මහතා අද (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
අසීරු මොහොතේ ජනතාව එම බර දැරූ නමුත් තවදුරටත් ජනතාව එම බර දැරිය යුතු නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
විදුලි බල පනත වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ද මෙහිදී මන්ත්‍රීවරයා අවධානය යොමු කළේය.
එහිදී ඔහු සඳහන් කළේ විදුලිය නිෂ්පාදනය දැනටමත් පෞද්ගලික අංශය විසින් සිදුකරන නමුත් සංශෝධිත පනත අහ්රහා විදුලිය සම්ප්‍රේෂණය ද පෞද්ගලික අංශයට පැවරීම තුළින් බරපතල තත්ත්වයකට රට ඇදගෙන යන බවයි.
ආශිකා බ්‍රාහ්මණ