වාර්ගික චින්තනයේ මහා ප්‍රාඥයාට සුබගමන් …

නලින් ද සිල්වා මියගිය පුවත පෙරේදා හවස මුහුණු පොතින් දැක ගන්නට ලැබුනි.. ඔහු ගැන ගුණ වර්ණනා සුළු ප්‍රමාණයක් සේම ඔහුගේ දේහයටත් ගල් මුල් ප්‍රහාර එල්ල වෙනු දුටිමි..

මට නම් කියන්න තියෙන්නෙ උතුරට කෙළවන්නම හිතාගෙන මහින්දව ගෙනල්ලා මහින්ද බල්ලෙක් නාවන්න ඇදං යනවා වගේ යුද්ධෙට ඇදං ගියපු ප්‍රවාහයක හිටපු මිනිහෙක් විදියට මට නම් නලින් ද සිල්වට ගල් ගැසිය නොහැකි බවයි..

ලංකාවේ සිංහල බෞද්ධ ජාතිකවාදයයි, වාම ජාතිකවාදයි දෙකම එකම ගෝත්‍ර මකරෙක්ගේ ඔළු දෙකක් බව මට වැටහෙන්න කාලයක් ගියා..

නලින් ද සිල්වා කියන්නෙ දූපතේ ප්‍රාඥයෙක් වග ඔහුගේ ප්‍රතිවාදීන්ට පවා පිලිගන්ට වෙන යතාර්තයක් ..ඒ වගේම වර්ගවාදය කියන්නේ මේ දූපතේ ජානගත රෝගයක්, ඒ ජානගත රෝගය නිසාම නලින් ද සිල්වා වැන්නවුන්ගේ දැනීමත් බල්ලාගේ අධෝමුඛයේ බැන්ද මීවදයක් වගේ උනා.. ඔහුගේ බුද්ධිය පාවිච්චි උනේ විනාශකාරී වර්ගවාදයක අටුවා ටීකා ටිප්පනි ලියලා ඝන පිහිටුවලා දෙන්න..

ලංකාවේ ඇකඩිමිකයන් අතින් මිනිස්සු මතවාදීව අර්බූදයට අරන් ගිය අවස්තා මිසක් මිනිස්සු විසඳුමක් කරා අරන් ගිය අවස්තා හරි අඩුයි..

මෙතනදී නලින් ද සිල්වා කියන්නේ ඇකඩමිකයෙකුට මිනිසුන්ව අරන් යන්න පුළුවන් විනාශයේ ඉම සලකුණු කරලා පෙන්වපු එක පුද්ගලයෙක් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...