ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW):ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වන පරිදි ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත හෙළී­මට පිය­වර ගෙන ඇත.

4,115ක මිලක පව­තින කි.ග්‍රෑ. 12.5ක ගෑස් සිලි­න්ඩ­ර­යක නව මිල වන්නේ රු. 3,940කට වේ.

කි.ග්‍රෑ. 5ක ගෑස් සිලි­න්ඩ­ර­යක නව මිල රු. 1,582ක් වන බව ලිට්‍රෝ ගෑස් සමා­ගමේ සභා­පති මුදිත පීරිස් මහතා පැව­සීය.

කි.ග්‍රෑ. 2.3ක ගෑස් සිලි­න්ඩ­ර­යක් නව මිල රු. 740කි. මේ අතර ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් කි.ග්‍රෑ. 12.5 සිලි­න්ඩ­ර­යක නව මිල රු. 3,840ක් වන අතර කි.ග්‍රෑ. 5 ගෑස් සිලි­න්ඩ­ර­යක නව මිල 1,542කි.

ලෝක වෙළෙ­ඳ­පොළේ ගෑස් මිල අඩු වීමක් සිදු වීම හේතු­වෙන් ඊට අනු­පා­තව ලාෆ් ගෑස් මිල අඩු වන බව එම සමා­ගමේ සමූහ ප්‍රධාන විධා­යක නිල­ධාරී ආචාර්ය නිරෝ­ෂන් ජේ. පීරිස් මහතා ඊයේ පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමින් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...