ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW):ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වන පරිදි ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත හෙළී­මට පිය­වර ගෙන ඇත.

4,115ක මිලක පව­තින කි.ග්‍රෑ. 12.5ක ගෑස් සිලි­න්ඩ­ර­යක නව මිල වන්නේ රු. 3,940කට වේ.

කි.ග්‍රෑ. 5ක ගෑස් සිලි­න්ඩ­ර­යක නව මිල රු. 1,582ක් වන බව ලිට්‍රෝ ගෑස් සමා­ගමේ සභා­පති මුදිත පීරිස් මහතා පැව­සීය.

කි.ග්‍රෑ. 2.3ක ගෑස් සිලි­න්ඩ­ර­යක් නව මිල රු. 740කි. මේ අතර ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් කි.ග්‍රෑ. 12.5 සිලි­න්ඩ­ර­යක නව මිල රු. 3,840ක් වන අතර කි.ග්‍රෑ. 5 ගෑස් සිලි­න්ඩ­ර­යක නව මිල 1,542කි.

ලෝක වෙළෙ­ඳ­පොළේ ගෑස් මිල අඩු වීමක් සිදු වීම හේතු­වෙන් ඊට අනු­පා­තව ලාෆ් ගෑස් මිල අඩු වන බව එම සමා­ගමේ සමූහ ප්‍රධාන විධා­යක නිල­ධාරී ආචාර්ය නිරෝ­ෂන් ජේ. පීරිස් මහතා ඊයේ පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමින් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...