නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරන බස් සඳහා රතු එළි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW): නීතිවිරෝධී අන්දමින් මාර්ග බලපත්‍ර නොමැතිවමගීන් ප්‍රවාහනය කරන බස් රථවලින් අය කරන දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ සඳහා වන කෙටුම්පත ප්‍රවාහන අමාත්‍යාංශය මගින් නීති කෙටුම්පත් දෙපාර්තමෙන්තුව වෙත යොමුකර ඇති අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියාමනය මත දුර ගමන් සේවා බස් රථ තුන්දහස් දෙසීයක් නියාමනය වන අතර, එම බස් රථවලට අමතරව මාර්ග බලපත්‍ර නොමැති බස් රථවලින් මගීන් ප්‍රවාහනය වැඩි වශයෙන් සිදුවෙමින් ඇති බව පැවසේ.

විශේෂයෙන් වැල්ලවත්ත, මරදාන ආශ්‍රිතව බස් රථ ගාල් කරමින් නීතිවිරෝධී අන්දමින් මගී ප්‍රවාහනය සිදුවන අතර, එවැනි බස් රථ ගණනාවක්ම හසු කරගෙන නඩු පැවරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගිය කාලය පුරාම පියවර ගෙන තිබුණු අතර, මෙවැනි ආකාරයෙන් හසුවන මාර්ග බලපත්‍ර නැති බස් රථ සඳහා දැනට ආසන්න දඩය රුපියල් දස දහසකි. ඉදිරියේදී එය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...