*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ඩුබායි ඛේදාන්තයේ සිට ප්‍රෙක්ෂකයන්ගේ ආදරය දක්වා ප්‍රවේශමෙන් අදහස් පරිහරණය කරන්න

සටහන – නිශ්මං රණසිංහ
මැයි 04, කොළඹ (LNW): ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය නිමාවට පත් වුණේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ තරම් දස්කම් දක්වමින් නොවන බව රටම දන්න කාරණයක්.ඒත් පරාජයට පෙර බොහෝ විට දුෂ්කරතා අපහසුතා නොපවසා ඒවා මැඩ ජය ගනු ඇතැයි විශ්වාස කරනවා.එය තරග කිරීමේදී හිතට බරක් වෙනු ඇතැයි ක්‍රීඩාව පැත්තෙන් හිතන කොට දැනෙන දෙයක්.ඒ ගැන දීර්ඝව කතා කිරීමට පෙර විස්තර විචාරයේදී පවා ප්‍රකාශ වුණ පරිදි ඩුබායි හී සිටින විශාල පිරිසක් සංවිධානාත්මකවත්,තනි තනිවත් ඇවිත් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම කළා.ඒ අතර එරට ලියාපදිංචි ලංකාවේ එකම ක්‍රීඩා සහ සුබ සාධන ආයතනය වන ශ්‍රී ලයන්ස් කැපී පෙණුනා.ඔවුන් කණිෂ්ඨ ආසියාතික තරගාවලියේදී ද කැපී පෙණුන දායකත්වයක් දැක් වූ අතර එහි ගිය සියලුම දෙනාට හැකි ආකාරයෙන් ඉහළම සංග්‍රහය ලබා දෙන්නට කටයුතු කර තිබුණා.එහි ක්‍රීඩිකාවකට යම් ආකාරයකට මානසික අනුග්‍රහයක් ද දක්වන්නට ඉදිරිපත් වී සිටින අතර තවත් ක්‍රීඩකයින දෙදෙනෙක් සම්බන්ධයෙන් LNW කළ අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙන් යම් අනුග්‍රහයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන්නටත් එකග වී සිටිනවා.

අප මෙම සටහන ආරම්භයේදී පළ කළ අදහස් තරගයක් නිමා වූ පසු කරළියට එද්දි හිතන්නෙ ‘නටන්න බැරි කෙනාට පොළව ඇඳ වීම’ මට්ටමේ අදහසක්.හැබැයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම මලල ක්‍රීඩා පරිපාලනයේ වැඩ කිරීමේ පමාව ගැන මාධ්‍ය හමුවකදී චෝදනා කරනවා.මේ පමාව සම්බන්ධයෙන් ඉතිහාසයක් තියෙනවා.ඒක අමතකවීමක් හෝ කළකිරීමක් හෝ කුමන හෝ කුසීතකමක් ද කියා වටහාගන්න අමාරුයි.මීට පෙර ඉතිහාසයේ තරග සංචාරයකට යන විට මලල ක්‍රීඩකයින් එහි ඉක්මණින් යා යුතුයි කියා සටන් කරන පරිපාලනය මේ වන විට එහෙම තැනක නැහැ.

ඩුබායි සඳහා ඉතාලියේ සිට පැමිණි යුපුන් හැරෙන්නට අන් කිසිම ක්‍රීඩකයෙක් ඔවුන් ධාවනය කළ ධාවන පථයට තරගයට පෙර පය තබා තිබුණේ නැහැ.එහෙම වෙලාවක් ලැබුණේ නැහැ.මේ සංචාරයට ගිය ක්‍රීඩිකාවො තුන් දෙනාම තමන්ගේ නිවසේ සිට ආවනම් පැය 3 – 5 අතර කාලයක් ගුවන් තොටුපළට එන්න ගත කරනවා.එහිදී සිඳුවන ගුවන් යානාවේ ප්‍රමාදයත් සමඟ ඔවුන් පැය තුනක් පමණ එහි රැදී සිටි බව ගුවන් කොටුපළම සනාථ කරනවා.අනතුරුව ගුවන් ගමනට පැය කීයක් යනවාද කියා ගණන් බලා ගැනීමට හැකියි.

ඊ ළඟ ප්‍රශ්නය සංචාරයට සහභාගි වන අයගේ මුවින් ගන්න අමාරු දෙයක්.හැබැයි දැන් ලෝකය ගොඩක් පටු වෙලා.මේ යන කණ්ඩායම තමන්ගේ කාමරවලට ඇතුළවෙන්න අවශ්‍යය කාරණා ඉටු කර ගන්න සම්බන්ධීකරණයෙ දුර්වලකමක් නිසා හොටෙල් ලොබියේ පැය 4 – 5 ක් ගත කරනවා.

මේ කාරණය එහි සිටින එහි යන එන ලාංකිකයන් දැක්කත් ඇයි ඉන්නෙ කියන හේතුව ලංකාවෙ නිලධාරීන් සහ ක්‍රීඩිකාවන් සඟවාගෙන සිටිනවා.හැබැයි ඔවුන්ට මෙහි ප්‍රවේශය නිවැරදිව සකස් වී නැති බව ඒ වන විට අර භාහිර පාර්ශවය දැන ගන්නෙ ඒ හෝටලයෙ කාර්යක්ෂමතාවය සහ වැඩ පිළිවෙල දන්න නිසයි.ශ්‍රී ලංකා කණ්ඩායම එහි ඉන්නෙ කෙනෙක් එනතෙක් බවත්,ඒ එනකෙනා පැමිණීමට පැය 4-5 ක් පමණ ගතවෙන්න ඇති බවත් කණ්ඩායමට සඟව ගන්න බැරි විදිහට කාරණය දෘශ්‍යමාන වෙනවා.

දැන් මේ ජාත්‍යන්තර ඉසව්වකට සහභාගි වෙන්න යන කණ්ඩායමකට පසුවදා තියෙන තරගය ගැන ලැබෙන විවේකය අර එක දිගට ගත වුණ පැය ගණනත් එක්ක ගණන් හදාගෙන සකස් කර ගැනීම කියවන ඔබ සතු කාරණයක්.මේ තත්ත්වය තරගයට බලපාන්නෙ නැතුව ඇද්ද? යුපුන් තමන් කාලයකට පසුව ඉදිරිපත් වූ මීටර් 100 තරගය තත්පර 10.18 ට නිම කරනවා.එම දක්ෂතාවයට හිමිවන ලකුණු සමඟ ස්ථානයට හිමිවන ලකුණු සමඟ ඔහු මෙහිදී උපයා ගන්න ලකුණු ප්‍රමාණය නිසා යුපුන් මීටර් 100 ආරම්භක උත්සාහයේදීම මුල් 100 අතරට එන්න ඉඩ තියෙනවා.

ඔහුට සහ අනිත් අයගේ සාර්ථකවීමේ සහ අසාර්ථක වීමේ වෙනසට පුහුණුවට ලැබුණු ඉඩ කියන සාධකය බලපාන්න බැරිද? එයින් යුපුන් හා අනිත් අය සමාන කරන්න උත්සාහ කරන්න හදන්න එපා.ඒත් පහසුකම් කියන කාරණයේදී සම අවස්ථා නැති වුණාම ප්‍රතිලය සමාන නොවීම නොවේ,සමීප නොවීමත් විය හැකියි.තරුශිලාට මේ දේවල් කටක් ඇරලා කියන්න බැරි වෙයි.සමහර වෙලාවට පුහුණුකරුවන්ගේ තත්ත්වය වුණත් එසේමයි.ඒ පාලකයාට සිතූ පරිදි මෙහෙයවිය හැකි බලයක් ලැබෙන පරිදි සකස් කර තිබෙන ව්‍යහුය නිසා ඇතිවන තත්ත්වයක්.

මේ කාරණාවන් ඇතුළෙ ඒ මොහොත සතුටෙන් ගෙවා ගන්න කැමති මිනිස්සු නිර්මාණය වෙනවා.ඒ සතුටට වශීකෘත වෙන මිනිස්සු තමන්ව එපා වී වීසි කරන තෙක්ම බල වන්දනාවේ යෙදෙනවා.හැදෑරීමක් තිබෙනවානම් නුසුදුසු දේ ගැනීම කියන තැන සිටම ප්‍රතික්ෂේප කරමින් පොදු තත්ත්වයන්ට එරෙහිව සටන් කළ යුතු වෙනවා.ඒත් මලල ක්‍රීඩා සංස්කෘතිය තුළ මේ දේ සිද්ධ වෙන්නෙ නැහැ.එහෙම වෙනවනම් පාලකයන්ට මේ තරම් අඩු පාඩු කම් සිඳු විය හැකි අනවධානය ඇති වෙන්නේ නැහැ.ඊට වඩාත් පහසු ක්‍රමය වන්නේ මේ ක්‍රමය තුළ සුරතලුන් නිර්මාණය කර ගැනීමේ ඉඩ හැම තැනකම පැවතීමයි.

කෙසේ නමුත් ක්‍රීඩා පරිපාලන ඒකක ක්‍රීඩකයා සහ සුහදශීලීව කතා නොකරන නිසාත්,ඒ සම්බන්ධතාවයේ දුර්වලකම නිසා සහ දුරස්කම නිසාත් දුක්ගන්නාරාළ තනතුරක් ඇති කිරීමට පියවර ගනිමින් සිටිනවා.ක්‍රීඩාව දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ගත් තීරණය යහපත් වුණත්,අධීක්ෂණය කෙරෙන යාන්ත්‍රණයක් සහ රියදුරු බලපත්‍රයට වැරදි නිසා ලකුණු කැපෙන ක්‍රමය හා සමාන වැඩ පිළිවෙලක් සකස් කර නොසළකා හැරීම්,නොතකා හැරීම් ආදි වගකීමෙන් තොරව කරන වැඩ සම්බන්ධයෙන් ලකුණු අඩු කරන සටහනක් සකස් කර නිශ්චිත කාල සීමාවට පෙර හෝ විසුරුවා දැමිය හැකි මට්ටමේ ක්‍රියාවලියක් සකස් විය යුතුයි.ඒ තනතුරු රැක ගැනීම වෙනුවෙන් හෝ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්බන්ධයෙන් වැඩක් සිඳු විය හැකි නිසයි.
ඩුබායි පරාජය සම්බන්ධයෙන් හරි පශ්චාත් පරීක්ෂණයක් සිඳු වෙයිද?අදාළ නිලධාරීන් කතා කරයිද?කතා කරොත් ඔවුන්ගේ මලල ක්‍රීඩාව තුළ තිබෙන වෘත්තීමයභාවයට එල්ලවන තර්ජනයන්ට වග කියන්නේ කවුද? අපි බලා සිටින්නෙමු.හැමදාම එකම වගේ දේවල් සිඳු වුණ ද,ඒ හැඩේ වැරදි වුව ද, වෙනස් දෙයක් නොවන්නේ “ ඒ ගොල්ලො යාළුවො මල්ලි” න්‍යාය නිසා විය හැකිය.

අපි වචනවලට වඩා වැඩවලට ගරු කරන්නෙමු.!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan