බොරු චෝදනා කළ අනුරට එරෙහිව යෝෂිත නඩු මගට ?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා. මේ වනවිටත් ඊට අදාලව සිය නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි ඔහු පවසන්නේ.

අනුර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය පාලන කාලසීමා තුළදී සිදු වූ මහාපරිමාණ දූෂණ වංචා රැසක් පිළිබඳව හෙලිදරව් කළේය. එහිදී යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධව චෝදනා රැසක් පිළිබඳව හෙලිදරව් කර තිබිණි.

රාජපක්ෂ මහතා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය අවධාරණය කරන්නේ අනුර දිසානායක මහතා එල්ල කළ චෝදනා සියල්ල අසත්‍ය බවයි. අදාල මාධ්‍ය හමුවේදී ඔප්පු අංක සහ ඉඩම් කිහිපයක නම් සඳහන් කරමින් ඔහු සිදුකර තිබෙන්නේ ජනතාව නොමග යැවීමක් බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...