ඩොලරය අධිවේගයෙන් ගුවන්ගත වෙයි – අද විකුණුම් මිල 371 යි

මෙරට ඇතැම් වාණිජ්‍ය බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 371 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැණුම් මිලද රුපියල් 350 ඉක්මවා ගොස් තිබේ.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඩොලරයේ වටිනාකම දිනපතා ඉහළ යමින් රුපියල අවප්‍රමාණය වෙමින් තිබේ. රුපියල අවප්‍රමාණය වීමේ වේගය මත නුදුරේදීම ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 500 ද ඉක්මවා යනු ඇත.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අද පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව සතුව මේ වනවිට පවතින, භාවිතා කළ හැකි ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 50 කටත් වඩා අඩු වී ඇති බවයි.

මෙම තත්වය මත ආනයන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටීමේ අවදානමක්ද මතුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...