අතරමැද විසඳුම් නෑ, ජනපති අගමැති දෙන්නට ගෙදර යන්නම වෙනවා – සජිත්

0
908

වත්මන් ජනාධිපති හෝ අගමැති යටතේ රට ගොඩනැගීමට නොහැකි බවත් මේ යන්නේ ආලෝකය වෙනුවට අන්දකාරය වෙත බැවින්, අලුත් ආණ්ඩුවක් හදන්න ජනතාවට ඉඩ දියයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා බලයට ගෙනඒමට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයේ ජනතාවද පාර බැස ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කර කියා සිටින බැවින් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට තවදුරටත් ජනතා බලයක් නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා ඉල්ලා සිටින්නේ ජනමතයට ගරු කර ගෙදර යන ලෙසයි. ඒ හැර අතරමැදි විසඳුම් නොමැති බවද ඔහු පවසනවා.

විශ්වාසභංග යෝජනාව සඳහා හෙටම හෝ දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකයා වහාම නියෝජ්‍ය කතානායක ධූරයට අයෙක් පත්කරන ලෙසද ඉල්ලා සිටියේය.

සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගැන කියනවිට අත්පොලසන් දෙන අයම මේ ආණ්ඩුව බලයට ආ සැනින් ගෙනා කෝටිපතියන්ට බදු සහන දෙත්දීත් අත්පොලසන් දුන් බවද ඔහු සිහිපත් කළේය.

ජනාධිපති අගමැති ඇමති අංතට්ටු ලබාගන්නට සමගි ජනබලවේගය සූදානම් නැතිබව කී විපක්ෂ නායකතුමා රට ගොඩනගන වැඩපිළිවෙළකදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද කීවේය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here