පාර්ලිමේන්තුව අසල විරෝධතාව සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය – සංස්කරණය නොකළ දර්ශන (VIDEO)

අද (05) පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගය අසල තරුණයින් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූ අතර එහිදී පුද්ගලයින් 12ක් අත්අඩංගුවට පත්ව තිබුණේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා කිරීම සහ වාහන වලට හානි කිරීමේ චෝදනාව මතය.

මහරගම පොලීසිය විසින් එම තරුණයින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන්ට පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ තරුණයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මහරගම පොලීසිය ඉදිරිපිටද උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

ASK