අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකළ කොල්ලුපිටිය පොලිස් ස්ථාධිපති අධිකරණයට කැඳවයි – මයිනාගෝ ගම විරෝධතාවය අඛණ්ඩවම !

Date:

කොළඹ අරලියගහ මන්දිරය අසල මයිනාගෝ ගම විරෝධතාවයට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේ කොල්ලුපිටිය ස්ථානාධිපතිවරයා ලබන 09 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටයි.

අරලියගම මන්දිරය ඉදිරිපිට මාර්ගය භාවිතා කරන්නන්ට අවහිර වන පරිදි නවතා ඇති රථවාහන සහ ඉදිකර ඇති වේදිකා ඉවත් කරන ලෙස පසුගිය 02 වැනිදා අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. මෙම නියෝගය නිකුත් කළේ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීමක් අනුවයි.

අද දිනයේද මෙම නියෝගය පරිදි විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා පොලීසිය පැමිණි නමුත් විරෝධතාවයේ නිරත පිරිසගෙන් පොලීසියට දැඩි විරෝධය එල්ල විය. විරෝධතාකරුවන් පවසන්නේ අවහිරතා සිදුව තිබෙන්නේ තමන් නිසා නොව පොලීසිය විසින් පදික වේදිකාවේ ගාල්කර ඇති බස්රථ නිසා බවයි. මේ නිසා අදාල ස්ථානයෙන් ඉවත් වීම ඔවුන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

අවසානයේදී පොලීසියට හිස් අතින්ම ආපසු හැරී යාමට සිදුවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...