අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකළ කොල්ලුපිටිය පොලිස් ස්ථාධිපති අධිකරණයට කැඳවයි – මයිනාගෝ ගම විරෝධතාවය අඛණ්ඩවම !

Date:

කොළඹ අරලියගහ මන්දිරය අසල මයිනාගෝ ගම විරෝධතාවයට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේ කොල්ලුපිටිය ස්ථානාධිපතිවරයා ලබන 09 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටයි.

අරලියගම මන්දිරය ඉදිරිපිට මාර්ගය භාවිතා කරන්නන්ට අවහිර වන පරිදි නවතා ඇති රථවාහන සහ ඉදිකර ඇති වේදිකා ඉවත් කරන ලෙස පසුගිය 02 වැනිදා අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. මෙම නියෝගය නිකුත් කළේ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීමක් අනුවයි.

අද දිනයේද මෙම නියෝගය පරිදි විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා පොලීසිය පැමිණි නමුත් විරෝධතාවයේ නිරත පිරිසගෙන් පොලීසියට දැඩි විරෝධය එල්ල විය. විරෝධතාකරුවන් පවසන්නේ අවහිරතා සිදුව තිබෙන්නේ තමන් නිසා නොව පොලීසිය විසින් පදික වේදිකාවේ ගාල්කර ඇති බස්රථ නිසා බවයි. මේ නිසා අදාල ස්ථානයෙන් ඉවත් වීම ඔවුන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

අවසානයේදී පොලීසියට හිස් අතින්ම ආපසු හැරී යාමට සිදුවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...