මේ වතාවේ අපි දිනුවේ අර දෙගොල්ල ජනතාවට එපාවුණ හින්දා. වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ – ඇමති TB

Date:

ජාතික ජන බලවේගයට මෙවර ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාවට එපාවීම නිසා බවත් ඡන්ද බවට පත්වුණේ ජනතා වෛරය බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“දැන් ඕගොල්ලන්ට කියන්න අනේ, මේ වතාවෙ අපි දිනුවේ ජනතාවට අර දෙක එපාවුණ හින්දා නේද ? අප්පිරියා වුණ හින්දා නේද ? නැත්නම් අපිව හොඳවෙලා නෙවෙයිනෙ ? ඈ … ? අපිව හොඳවෙලා නෙවෙයිනෙ … වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ. ආදරය කරුණාව ඡන්දයක් බවට පත්වුණෙ නෑ. අපිට ආදරය කරන්න මිනිස්සුන්ට අවස්ථාව හම්බුණෙ නෑ. අපිත් එක්ක අධ්‍යාත්මිකව එකතුවෙන්න මිනිස්සුන්ට අවස්ථාව හම්බුණෙ නෑ. ඒක වහලා තිබ්බෙ. ඒකට ඉඩ තිබ්බෙ නෑ. ඒකට මාධ්‍යයේ ඉඩ නෑ”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 03) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...