ඩොක්ට හර්ෂණ කියන්නෙ මේ රටට හිමි වස්තුවක්. බිඳවැටුණු ආර්ථිකය ගොඩදැම්මේ ඔහුයි ජනපතියි අනිලුයි – බිමල්

මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා යනු ශ්‍රී ලංකාවට හිමි අගනා වස්තුවක් බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය, සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

“මම ඉතාම අවංකව කියන්නම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම කියන්නේ මේ රටට හිමි වස්තුවක්. අපි මේ අද ලෝකෙම මිනිස්සුන්ගෙ තෙල් බිල් වැඩිවෙලා, තෙල් නැතිව පෝළිම, මේ ඉන්දියාවෙ, මේ බංග්ලාදේශෙ, පාකිස්ථානෙ. බංග්ලාදේශෙ තවම විශ්වවිද්‍යාල වහලා. හරිද ? පිලිපීනෙ. ඇමරිකාවෙ පවා අතිවිශාල වශයෙන් මිල වැඩිවෙලා. මේ ආර්ථිකය බිඳවැටිච්ච ආර්ථිකයක් මෙතෙන්ට ගෙන ඒමෙදී ජනාධිපතිතුමා වගේම, අනිල් ජයන්ත ඇමතිතුමා වගේම හර්ෂණ සූරියප්පෙරුම මැතිතුමා නියෝජ්‍ය ඇමතිකමත් පැත්තක තියලා ගිහිල්ලා ඒ කරන දේ ගැන අවංක ඇගයීමක් – මං මේ අවංකවම කියන්නෙ. මට මේ 159 දෙනාගෙන නම් කියන්න ඕනෙ නෑ – ඒ අතර විශේෂ කැපකිරීම් කරන පුද්ගලයෝ ඉන්නවා. ඩොක්ටර් හර්ෂණ කියන්නෙ එහෙම වටින කෙනෙක්. දැන් අපිට කියනවා මේකට හර්ෂණ ලේකම්තුමා වගකියන්න ඕනෙ ලු. අපි පළවෙනියටම කියන්න ඕනෙ රටේ වෙන හැම දුෂණයක්ම – මං දැක්කා මුදල් කාරක සභාවේ සභාපතිවරයා කියනවා ඒක කාරක සභාවට කිව්වෙ නෑ කියලා – රාජ්‍ය ආයතනවල සිද්ධ වෙන හැම දූෂණයක්ම ඔය කාරක සභාවට කියන්න ගියොත් ඒක සම්පූර්ණයෙන්ම පොලීසියක් වෙනවානෙ. හර්ෂ ද සිල්වා මැතිතුමාට හෝ ඒ කාරක සභාවට පරීක්ෂණ කරන්න බෑ”

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...