ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ශ්රී ලංකාවේ දෙදින රාජ්ය සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (03) පස්වරුවේ මෙරටට පැමිණියේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි. විද්යා සහ තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර, ශ්රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූඩ් ඉමාඩ් යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මොහොමඩ් මුයිසු මහතා 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්රී ලංකා සංචාරය මෙය වේ.
මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්රයේදී පැවැත්වීමට නියමිතය.


