*
Sunday, October 20, 2024
spot_img

Latest Posts

පුටින්ගේ රූබල් සහ ලෝක ජූඩෝ

කටාර් හී දී මැයි 7 සිට 14 දක්වා පැවත්වෙන ලෝක ජූඩෝ සූරතාවලියෙන් සිය කණ්ඩායම ඉවත් කර ගනිමින් යුක්රේන පුහුණුකරු විටලි ඩුබ්රෝවා පවසන්නේ “අවාසනාවකට රුසියානු රූබල් දිනුවා” යනුවෙන්ය.මේ බරපතල චෝදනාව ලෝක ජූඩෝ සම්මේලනයට ඩුබ්රෝවා එල්ල කරන්නේ රුසියානු සහ බෙලරුසියා ක්‍රීඩකයින්ට එම සූරතාවලිය නියෝජනයට අවසර දීමට එරෙහිවය.

යුද්ධය හා සම්බන්ධ පිරිස් සඳහා හැර අනෙකුත් ක්‍රීඩකයින්ට අවසර දීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යම් අවසරයක් දිය යුතුය යන ස්ථාවරයක සිටියත් ලෝකයේ බොහෝ රටවල් රුසියාව සහ බෙලරුසියාව සම්බන්ධයෙන් දරන්නේ වෙනස් අදහසක්ය.යුක්රේනය රුසියාව සහ බෙලරුසියාව පිළිගන්නා ක්‍රීඩා සංගම් හරහා පවත්වන තරගවලට සම්බන්ධ වන යුක්රේන ක්‍රීඩකයින්ට දඬුවම් කිරීමට තීරණය කර ඇත.එවැනි තත්ත්වයක මේ තරගාවලිය සඳහා සහභාගි වන රුසියානු කණ්ඩායමට යුද්ධය හා සම්බන්ධ ක්‍රීඩකයින් හත් දෙනෙකු අවම වශයෙන් ඇතුළත් බව ට යුක්රේනය පෙන්වා දෙන අතර එහි ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී නියාස් ඉල්යාසොව් නම් රුසියානු සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ ලුතිනන්වරයා ද සිටින බව පැහැදිළි කරයි.

යුක්රේන පුහුණුකරුවා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක ජූඩෝ සම්මේලනයට චෝදනා කරන්නේ මේ සියල්ල තිරය යට සිඳුවන කැත සෙල්ලම් බවය.පුටින් ද සෘජුවම ජූඩෝ ක්‍රීඩාවට සම්බන්ධව සිටි පුද්ගලයෙක් වීම සහ ඔහුට ජූඩෝ සමඟ ඇති සම්බන්ධතා ද මෙහිදි සැකයට භාජනය කරන කරුණුය.
කෙසේ හෝ මේ ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමෙන් ඉනික්බිතිව දැන ගන්නට ලැබෙන්නේ රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩකයින්ගේ හමුදාවන්ට සහ යුද්ධයට ඇති සම්බන්ධතා පරික්ෂා කිරීමෙන් ඉනික්බිතිව අට දෙනෙක් තරගාවලියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවය.යුක්රේනය කරුණු ප්‍රකාශ කිරීමෙන් පසුව සිඳුවන මේ සිඳුවීම ඊට පෙර ලෝක ජූඩෝ සම්මේලනය නොසළකා හැර ඇති බවක් සිතිය හැකි අතර යුක්රේන පුහුණුකරුවා කරන තිරෙන් යට කැත රැඟුම ගැන යම් සාධාරණ සැකයක් ද මේ හරහා මතු වෙයි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan