ඉන්ධන මිල තීරණය කිරීමට යළිත් මිල සූත්‍රයක් – ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

Date:

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මිල සූත්‍රය හඳුන්වා දෙන්නේ ලාබ ලැබීමේ අරමුණින් නොව තෙල් සංස්ථාව ලබන පාඩුව අවම කිරීම සඳහා බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

මීට පෙර යහපාලන රජය සමෙය්දී ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මිල සූත්‍රය අහෝසි කෙරිණි. කෙසේ නමුත් දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ යාම හමුවේ යළිත් මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළයුතු බවට බොහෝ පාර්ශ්ව යෝජනා කර තිබිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීම සඳහා දුම්රිය භාවිතයෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීමට තීරණය කර ඇති බවයි.

මේ වනවිට රටතුළ කිසිදු පෙට්‍රල් හිගයක් නොමැති බවත්, ඉල්ලුමට සරිලන පෙට්‍රල් තොග සංස්ථාව සතු බවත් ඇමතිවරයා පවසනවා. නොරොච්චෝලේ තාප බලාගාරයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් ඩීසල් වැඩි ප්‍රමාණයක් විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට සිදුව ඇති බැවින් ඩීසල් හිගයක් පවතින නමුත් ඉදිරි දින කිහිපය තුළ හිගය අවසන් කිරීමට හැකිවනු ඇති බවද කංචන විජේසේකර මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වේල්ල ගැන කටකතා පැතිරු පුද්ගලයාට වැඩ වරදියි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කොත්මලේ වේල්ල පුපුරා යන බවට අසත්‍ය කටකතාවක්...

විපතේදී අපිව අත් නොහැරි එක්සත් අරාබි එමීර් රාජ්‍යය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : ලොව විශාලතම කාගෝ...

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...