*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඉන්ධන මිල තීරණය කිරීමට යළිත් මිල සූත්‍රයක් – ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මිල සූත්‍රය හඳුන්වා දෙන්නේ ලාබ ලැබීමේ අරමුණින් නොව තෙල් සංස්ථාව ලබන පාඩුව අවම කිරීම සඳහා බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

මීට පෙර යහපාලන රජය සමෙය්දී ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මිල සූත්‍රය අහෝසි කෙරිණි. කෙසේ නමුත් දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ යාම හමුවේ යළිත් මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළයුතු බවට බොහෝ පාර්ශ්ව යෝජනා කර තිබිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීම සඳහා දුම්රිය භාවිතයෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීමට තීරණය කර ඇති බවයි.

මේ වනවිට රටතුළ කිසිදු පෙට්‍රල් හිගයක් නොමැති බවත්, ඉල්ලුමට සරිලන පෙට්‍රල් තොග සංස්ථාව සතු බවත් ඇමතිවරයා පවසනවා. නොරොච්චෝලේ තාප බලාගාරයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් ඩීසල් වැඩි ප්‍රමාණයක් විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට සිදුව ඇති බැවින් ඩීසල් හිගයක් පවතින නමුත් ඉදිරි දින කිහිපය තුළ හිගය අවසන් කිරීමට හැකිවනු ඇති බවද කංචන විජේසේකර මහතා පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan