ඉන්ධන අලෙවියට අලුතින් එන සමාගම් තුනට ලබාදෙන පිරවුම්හල් සම්බන්ධ සාකච්ඡාවක්

Date:

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක් වන විදේශ සමාගම් තුන සමග ගිවිසුම්ගතවීමට නියමිත ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග දැනට කටයුතු කරන ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග විශේෂ හමුවක් ඊයේ (04) දිනයේදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ.

ඒ අනුව එක් කාණ්ඩයකට පිරවුම්හල් 150 බැගින් වර්ගීකරණය කර ඇති පිරවුම්හල් කාන්ඩ 3න් කාණ්ඩ 2ක් සමග වෙන් වෙන්ව සාකච්ඡාවන් පවත්වා ඇත.

නව සමාගම් සමග ගිවිසුම්ගත වීමෙන් ඉන්ධන හල් හිමියන්ට මෙන්ම සමස්ථ ඉන්ධන පාරිභෝගිකයන්ට ඇතිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව මෙහිදී ඔවුන්ව දැනුවත් කරන ලදි.

එමෙන්ම, ඉන්ධන පිරවුම්හල් කාණ්ඩ වෙනුවෙන් තෝරා ගත් ක්‍රමවේදය, නව සමාගම් සමග එක්වන ඉන්ධන හල් වල ගිවිසුම්, ලාභාංශ බෙදීයාම්, QR ක්‍රමවේදයේ ඉදිරි පියවර, ඉන්ධන මිල සූත්‍රය, මිල පාලනය හා නියාමනය, නව ඉන්ධන හල් බලපත්‍ර සම්බන්ධයෙන් ඇති වැරැදි මත වැනි කරුණු සම්බන්ධයෙන් ඉන්ධනහල් හිමියන් ගේ ගැටළු වලට පිළිතුරු ලබාදීමට ද කටයුතු කර ඇත.

මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමතිවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී චානක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිසහ කළමනාකරණ අධ්‍යක්ෂ ඇතුළු වෙළඳ අංශයේ නිළධාරීන් ඇතුළු පිරවුම්හල් හිමිකරුවන් සහභාගි විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...