හෙට සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06, කොළඹ (LNW):හෙට (07)සිට 10 වැනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇති අතර, මැයි මස 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවනු පිණිස විධිවිධාන ඇතුළත් බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

තවද, සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇති අතර, ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව ඇත.

2024 මැයි මස 08 වැනි බදාදා පෙ.ව. 09.30 ප‍ෙ.ව. 10.00 කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි) සදහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) සදහා කාලය වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ අංක 2348/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් නියෝග සහ ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2340/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කොට ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) සදහා කාලය වෙන් කර ඇත.

2024 මැයි මස 09 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට ප‍ෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනේ.

2024 මැයි මස 10 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන ගරු යූ. එල්. එම්. ෆාරුක්, අසෝක ජයවර්ධන සහ ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන්ට ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...