දිලිත්ගේ අලුත් පිම්ම!

Date:

කොළඹ LNW:පොහොට්ටුවට ජන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අවධාරණය කළේය.

ඒ, ඊයේ (05) මතුගමදී පැවති එම පක්ෂයේ රැළිය අමතමිනි.

පොහොට්ටුවට එම පාක්ෂිකයින් ජන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ ගමනක් යාමට නොවන හෙයින් එම ජන්දවල අයිතිය ඔවුන් සතු බවයි ජයවීර මහතා පැවසුවේ.

”පොහොට්ටුවට ජන්දය දුන්නේ රනිල් එක්ක ගමනක් යන්න නෙවෙයි. ඒ නිසා ඒ පොහොට්ටුවට ජන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අපිට වගකීමක් තිබෙනවා. මම කියන්න කැමතියි පොහොට්ටුවේ නායකයින්ට කරුණාකරලා උත්සහ කරන්න එපා අහිංසක පොහොට්ටු ජන්දය කවුරුහරි මුදලාලි කෙනෙකුට භාර දෙන්න. මේ මව්බිමට ආදරය කරන දේශප්‍රේමී ජනතාව දුන් ජන්දය එහෙම පූට්ටු කරන්න හදනවා නම් අපි දැන්මම කියන්න ඕනේ ඒ පූට්ටු වෙන්න හදන ව්‍යපාරිකයින්ටත් අපරාදේ ඒ සල්ලි. මේ පොහොට්ටු ජන්දය විකුණන්න දෙන්න බැහැ. පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න දෙන්න බැහැ. ඒක අපේ.නම් සඳහන් කරන්න අකමැති වුණත් අනුර කුමාරටත්,නාමල් කුමාරයාටත් දෙන්නටම කියන්න කැමතියි ඔය ඇදන් ඉන්න ඇදුම් එක වස්ත්‍රයකටවත් බදු ගෙවල නැහැ. ඔය වාහනවලට බදු ගෙවල නැහැ. ඔය ගෙවල්වලට බදුගේවල නැහැ. ඔය හැම එකකම අරගෙන තියෙන්නේ ජනතාව ගෙවන අපි ගෙවන බදු වලින් කියල මම මේ මතුගම ජනතාවට කියන්න කැමතියි. ඒ නිසා අහිංසක මිනිසුන්ගේ කලිසම ඇඳගෙන ඇවිල්ල අහිංසක මිනිසුන්ගේ සරම ඇදගෙන ඇවිල්ල ඒකට උඩින් සාටකේ නෙවෙයි ඒකට උඩින් සරමක් දාගෙන ඔලුවෙන් ගැලෙව්වත් ඕක තමයි කතාන්දරය කියල කියන්න මම කැමතියි.” යනුවෙන් වැඩිදුරටත් ඔහු සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...