ඖෂධ හිඟය නිසා සාමාන්‍ය ජනතාව දේශීය වෛද්‍ය ප්‍රතිකාර සහ අත්බෙහෙත් වෙත යොමුකරවීමට පියවර

Date:

ඖෂධ හිඟය හේතුවෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බැලීමේ විද්වත් හමුවක් පෙරේදා (03) නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී පැවැත්වී තිබේ.

ඒ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී, පවතින ඖෂධ හිඟය හමුවේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් සාර්ථක පිළියම් සහිත රෝග සඳහා ජනතාව නැඹුරු කරලීමත්, ඉපැරණි අත්බෙහෙත් ඇතුළු ප්‍රතිකාරයන් තුළින් ජනතාව නිරෝගී කරලීමත්, විශේෂිත රෝග සඳහා සුවිශේෂී හැකියාවක් දක්වන දේශීය වෛද්‍යවරුන් වෙත ජනතාව සමීප කරලීම තුළින් ඉදිරියේ දී ජන ජීවිතය සුරක්ෂිත කරලීමත් සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ රැසකට එළඹ ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පළ කළ නිවේදනය පහතින් දැක්වේ.

රටේ ජනතාවට අනාගතයේදී සිදුවනු ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙය මනා පණිවිඩයක් වනු ඇත. පසුගිය කොවිඩ් වසංගත සමයේදී ද මෙම ඇමතිවරයා “ධම්මික පැණිය” ඇතුළු විවිධ දේශීය ඖෂධ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ අතර අවසානයෙහි ඒවා කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර බව ඔප්පු විය.

May be an image of 2 people, people standing and text that says "INFO NEWS දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් ඔෂධ හිඟයට කඩිනම් ක්‍රියාමාර්ග රජයේ රජයේප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Gov Information"

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...

බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: නිලක්ෂි බණ්ඩාර යන නම...