හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියම කළේය.

රට තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවලට හිටපු මහබැංකු අධිපතිවරයා වගකිවයුතු බවට චෝදනා කරමින්, ඔහු රටින් පිටවීම වළක්වාලන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනුකර ඇති අතර එය පසුගිය මැයි 02 වනදා කැඳවීමට නියමිතව තිබුණු නමුත් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් මෝසමක් මාර්ගයෙන් ඊයේ දිනයේදී එය නැවත කැඳවා තිබිණි.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේ මැයි 23 වනදා අධිකරණයෙහි පෙනී සිටින ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට නොතීසි නිකුත් කිරීමටත් ඔහුට එරෙහි විදෙස් ගමන් තහනම ඒ දක්වා දීර්ඝ කිරීමටත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...