සිංගප්පූරුවක් වෙන්න කැමැත්තෙන් හිටපු රටකට බංග්ලාදේශයෙනුත් ඖෂධ ආධාර !

0
672

ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක් වටිනා ඖෂධ වර්ග 56 ක් පරිත්‍යාග කිරීමට බංග්ලාදේශය ඉදිරිපත් වී සිටිනවා. මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 830 ක වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙම ඖෂධ තොගය අද දිනය තුළදී ඩකා නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත නිළ වශයෙන් බාරදීම සිදුවන බවයි.

ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වනවිට ඖෂධ ආනයනය පවා අඩපන වී ඇති අතර මේ වනවිට රටපුරා දැවැන්ත ඖෂධ හිගයක් මතුව තිබෙනවා. වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගවලට බඳුන් නොවී හැකිතරම් පරෙස්සමෙන් කටයුතු කරන ලෙසයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here