අක්කරෙයිපත්තුවේ නොසන්සුන්තාවක්. පොලිස් වෙඩි පහරින් සිවිල් වැසියෙකු රෝහලේ !

අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් වැසියන් අතර නොසන්සුන්තාවක් ඇතිවී ඇති අතර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

අක්කරෙයිපත්තු පාලමුනෛ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ඇදවැටී තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම සිද්ධියට අදාළව තවත් පිරිසක් එම ස්ථානයට පැමිණීමෙන් පසු උණුසුම් තත්වයක් උද්ගතව ඇති බව සඳහන්.

මෙහිදී ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසන අතර පොලිසිය විසින් වෙඩි තැබීමෙන් තුවාල ලද සිවිල් වැසියෙකු ද රෝහල්ගත කර ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...