හර්තාලයට සහාය පළ කරමින් අද දහවල් ස්ථාන රැසක විරෝධතා – රටම පාරට බසී !

Date:

හර්තාලයට සමගාමීව රටපුරා වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක වන අතර වර්ජනයේ නිරත වෘත්තීය සමිති රටපුරා ස්ථාන රැසකදී විරෝධතා සහ පා ගමන් සංවිධානය කර තිබෙනවා.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක සහභාගීත්වයෙන් රාජගිරියෙන් ආරම්භ වූ පා ගමන මේ වනවිට පාර්ලිමේ්න්තු වටරවුම දක්වා ගමන් කරමින් සිටින අතර ඔවුන් ඒම ස්ථානයේ ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය සමග එක්වීමට නියමිතය.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සංවිධානය කරන උද්ගෝෂණයක් අද දහවල් 12 ට කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්වේ. මීට අමතරව එවැනිම විරෝධතාවයක් බොරැල්ල මංසන්ධියේදීද පැවැත්වීමට නියමිතය.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මැදිහත්වීමෙන් ගෝල්ෆේස් ගෝටා ගෝ ගම සිට කොල්ලුපිටිය මයිනා ගෝ ගම දක්වා ‘මිනිස් දම්වැල’ විරෝධතාවයද පැවැත්වෙනවා.

මීගමුව ධීවර එකමුතුව විසින් සංවිධානය කරන විරෝධතාවයක් මීගමුව තෙල්වත්ත මංසන්ධියේදී අද පෙරවරු 09 ට ආරම්භවීමට නියමිතව තිබිණි.

මීට අමතරව කටුනායක, අවිස්සාවේල්ල ඇතුළු රටපුරා පිහිටි ආයෝජන කලාප ආශ්‍රිතව දැවැන්ත විරෝධතා රැසක් පැවැත්වේ.

දීපව්‍යාප්ත හර්තාලයට සහයෝගය ලබාදෙමින් රටපුරා බොහෝ නගරවල විරෝධතා සංවිධානය කර ඇති බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...