ශ්‍රී ලංකාව සහ ටිමෝර්-ලෙස්ටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම

Date:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ටිමෝර් ප්‍රජාතාන්ත්‍රික ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීමේ උළෙල එනම් 2022 මැයි මස 04 වන දින, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි.

දෙරටේ රජයන් වෙනුවෙන්, එක්සත් ජාතීන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමන් සහ එක්සත් ජාතීන්ගේ ටිමෝර්-ලෙස්ටේ තානාපති සහ නිත්‍ය නියෝජිත කාර්ලිටෝ නූන්ස් මැතිතුමන් විසින් මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීය.
නිරිතදිග ආසියාවේ පිහිටි දූපත් රාජ්‍යයක් වන ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ මිලියන 1.3ක ජනගහනයක් ටිමෝර් දූපතේ නැගෙනහිර අර්ධයේ භූමි ප්‍රදේශය ආවරණය කරමින් ජීවත් වෙයි. ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ප්‍රධාන අපනයනයන් වන්නේ බොරතෙල්, ස්වාභාවික වායු, කෝපි, එළවළු සහ අබලි යකඩ කැබලි වේ. ශ්‍රී ලංකාව සහ ටිමෝර්-ලෙස්ටේ යන රටවල් දෙකම ආසියාන් කලාපීය සංසදයේ සාමාජිකයින් වන අතර එය දෙරටටම ඔවුන්ගේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගත හැකි වේදිකාවක් ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සහ ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයන් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දේශපාලන, සමාජ-ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල දෙරට අතර පවත්නා මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කරනු ඇත.

එක්සත් ජාතීන‍්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය
නිව්යෝර්ක්

2022 මැයි 06 වෙනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...