සඳුදාට ඉල්ලා අස්වන බවට අගමැතිගෙන් පොරොන්දුවක්. ළඟදීම ඡන්දයක් ??

0
6615

ලබන සඳුදා (09) දිනයේදී අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දුවක් ලබාදී ඇති බව ආරංචිමාර්ග පවසයි.

අද (06) පැවති හදිසි විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම පොරොන්දුව ලබාදී ඇති බව සඳහන්.

එමෙන්ම රටේ පවතින තත්වය අනුව තමන්ට ජනතාවට මුහුණ දිය නොහැකි බවටත් ගම්බිම් කරා යෑමට නොහැකි බවටත් අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමුවේ දුක්ගැනවිලි ඉදිරිපත් කර ඇති බවත් වාර්තා විය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කැඳවා එහි යෝජනාවක් සම්මත කිරීම මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කරා යාම පිළිබඳව එහිදී අවධානය යොමුව ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.