සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කරයි !!

සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබුණු හදිසි විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව කැබිනට් මණ්ඩලය සඳුදා උදෑසන ඉල්ලා අස්වනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN