අගමැති හරිනිට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

Date:

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළදීත් ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නැයි අගමැතිවරිය සිය පාක්ෂිකයින්ට ප්‍රසිද්ධියේම උපදෙස් දීම තුළින් බරපතළ ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව පවසමිනි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් ඊයේ (මැයි 05) මැතිවරණ කොමිසමට ගොස් මෙම පැමිණිල්ල ගොනු කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“විශේෂයෙන්ම 03 වනදා මධ්‍යම රාත්‍රියෙන් පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වෙන්න තිබුණා. ඒක තමයි නීතිය. නමුත් අපි දැක්කා ආණ්ඩුවේ අගමැතිතුමිය එදා හවස රැළියක් අමතමින් එතුමිය ප්‍රකාශයට පත්කළා අද රෑ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වුණත් ඕගොල්ලෝ ඕගොල්ලන්ගෙ ප්‍රචාරක කටයුතු කරගෙන යන්න දුරකථන මාර්ගයෙන් හා වාචිකව කියලා තමන්ගෙ පාක්ෂිකයින්ට කියලා එතුමිය උපදෙස් දෙනවා ප්‍රසිද්ධියේ මාධ්‍යවල පළවුණා. එතකොට අපට පේනවා ඉතාම බරපතළ ලෙස අගමැතිතුමිය මේ මැතිවරණ නීති උල්ලංඝනය කරලා තිබෙනවා. මේ නීති උල්ලංඝනය කරලා එයා ප්‍රකාශ කරනවා එයාගෙ අනුගාමිකයින්ට මේ නීති ගණන් ගන්න එපා, ඕගොල්ලො ඕගොල්ලන්ගෙ වැඩේ කරගෙන යන්න කියන කතාවක් තමයි එතුමිය කළේ. මේක බලවත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. ඒ හින්දා අපි අද මෙතැනට ආවා මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිසම වහාම මේ සම්බන්ධව තීන්දුවක් ගත යුතුයි”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...