මාලිමා පොළොන්නරු නගරාධිපති අපේක්ෂකගේ නිවසට සහ යතුරු පැදියට ගිනි තබලා..

රෂිකා හෙන්නායක

අද(06)දින පැවැත්වෙන පලාත් පාලන මැතිවරණය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් පොළොන්නරුව මහ නගර සභාව සදහා ජාතික ජන බලවේගයෙන් තරග වැදී සිටින නගරාධිපති අපේක්ෂක ලලිත් තිස්ස මහතාගේ නිවසට හා නිවස ඉදිරිපස නවතා තිබූ යතුරු පැදියක් ඊයේ (05) හවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ.

ඊයේ (05) හවස 3ට පමණ මෙම ගිනි තැබීම සිදු කර ඇති අතර ප්‍රථමයෙන් නිවස ඉදිරිපිට නවතා තිබූ අපේක්ෂකයාගේ මිතුරෙකුට අයත් යතුරු පැදියට ගිනි තබා ඇති අතර, එයින් ඇතිවූ ගින්න නිවසට හා වහලය දක්වා පැතිර ගොස් වහලයට හා නිවසතුල වූ මුද්‍රණ යන්ත්‍රයකට හා ලිපි ද්‍රව්‍ය රැසකට හානි සිදූව ඇති බව සඳහන් වේ.

ගින්නෙන් යතුරු පැදියට බරපතල හානි සිදුව ඇත.

තමන් නගරාධිපති අපේක්ෂක ලෙසට තරග වැදීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අවස්ථා ගණනාවකදී තම ජීවිතයට තර්ජන එල්ල කල බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් නිසි පියවර නොගැනීම මත මෙම ම්ලේච්ඡ බියගුලු ප්‍රහාරය එල්ල කල බවත්, මේ පිලිබදව අදහස් දක්වමින් පොළොන්නරුව නගරාධිපති අපේක්ෂක ලලිත් තිස්ස මහතා පවසා පවසයි.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකොට ඊට සම්බන්ද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටි අතර, මෙවැනි තර්ජන වලින් තම පක්ෂයේ හෝ තම ජයග්‍රහණය වැලැක්විය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...