මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ නවතම තත්ත්වය!

Date:

කොළඹ LNW: පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික් ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 11 වන විට 21%ක් යැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

මෙම කාලය තුළදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදුව නොමැති බව ද ඒ මහතා පැවසුවේය.

තේරීම්භාර නිලධාරීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පැවැති මාධ්‍ය හමුවකදීය.

මධ්‍යස්ථාන 937කදී සිදුවන ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 04ට නිමාවීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 368කදී ගණනය කොට එහි ප්‍රතිඵල මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට ලබා ගන්නා බවත් සමස්ථ ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ මත අනතුරුව නිකුත් කරන බව ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...