මියන්මාර සයිබර් කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් නිදහස් කරගනී..

Date:

රෂිකා හෙන්නායක

පසුගිය කාලය තුළ, මියන්මාර සයිබර් කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකික පුද්ගලයින් 15 දෙනාද මුදවා ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ තායිලන්ත රජය සම්බන්ධීකරණයෙන් මෙරට විදෙස් කටයුතු අමාත්‍යාංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකින් අනතුරුවයි.

බේරාගත් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකික කණ්ඩායම අද පෙරවරුවේ මියන්මාර තායිලන්ත දේශසීමාවේ මියවාදී ප්‍රදේශයේ මිසෝට්හිදී තායිලන්තයේ ශ්‍රීලංකා තානාපති වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දී තිබේ .

ඉකුත් මාර්තු මස 18වන දින මියන්මාර සයිබර් කඳවුරුවල සිරවී සිටි ලාංකිකයින් 14ක් සහා 2024 දෙසැම්බර් 17වන දින ශ්‍රී ලාංකික පුද්ගලයින් 27 බේරා ගෙන තිබුණි .

මෙම පිරිස මුඳවා ගනු ලැබුවේ විදෙස් කටයුතු ,විදෙස් රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්තයේ විදෙස් කටයුතු අමාත්‍ය මරිස් සන්ගම්පොන්ස්ගා මහතා සහා මියන්මාර විදෙස් කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ මහතා සමඟ වරින්වර කළ දුරකථන සංවාදවල ප්‍රතිඵලයක් වශයෙන් බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...