කටුනායක ගුවන් තොටුපොළේදී දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 16, කොළඹ LNW :

කටුනායක ගුවන් තොටුපොළේදී සිදු වූ දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි.

එහිදී රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” නැමැති මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තායිලන්තයේ සිට ඩුබායි හරහා පැමිණි මෙම සැකකරුවන් අතර කාන්තාවක සහ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයෙකු ද සිටින බව වාර්තා වේ.

සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 16 කට වඩා වැඩි වන අතර ඒවා පාර්සල් 60 ක අසුරා තිබී ඇත.

දැනට රැඳවුම් නියෝග මත සිටින මෙම වැල්ලම්පිටිය පදිංචිකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙය මෙරට ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක කළ සාර්ථක මෙහෙයුමක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...